FAST NEWS

24×7 Around the Globe

කොරෝනා ව්‍යාප්ත වීම වළක්වා ගැනීමට රජයට සහය වන්නැයි ඉල්ලීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලෝකය පුරාම සීඝ්‍රයෙන් පැතිරී යන නව කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුළ ද ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින හෙයින් ඉන් වැළකීම සඳහා ආරම්භ කර ඇති වැඩපිළිවෙලට සහය වන ලෙසට රජය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. 

කොරෝනා ව්‍යාප්ත වී ඇති රටවල් සහ තවමත් ව්‍යාප්ත වී නොමැති රටවල් ඉන් වැළකී සිටීමට විධි විධාන රැසක් ගෙන ඇති බවත් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

එසේම , කොරෝනා වෛරසය මෙරට දී ආසාදිත පළමු ශ්‍රී ලාංකිකයාට මේ වන විට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම ආරම්භ කර ඇතැයි විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කියා සිටී.

සංචාරක මග පෙන්වන්නෙකු ලෙස ක්‍රියා කළ මොහු ගමන් ගත් ස්ථාන සහ ඔවුන් ඇසුරු කළ පුද්ගලයන් පිළිබද තොරතුරු ලබා ගැනීම ද ආරම්භ කර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කළේය.