FAST NEWS

24×7 Around the Globe

පර්ල්.කේ. විරසිංහට යළිත් වරෙන්තු

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබලන ජනාධිපති පරීක්ෂණ කොමිසමේ ලේකම් පර්ල්.කේ. විරසිංහ මහත්මිය වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල වැඩබලන පොලිස්පතිවරයා වෙත අද (10) යළි වරෙන්තු නිකුත් කළේය. 

මේ මස 12 වන දිනට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් එසේ කිරීමට අපොහොසත් වන්නේ නම් පොලිස්පතිවරයා පෞද්ගලිකවම අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දැක්විය යුතු බව ද එම ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල ලබාදුන් නියෝගයේ සඳහන්ව ඇත.