FAST NEWS

24×7 Around the Globe

පාස්කු ප්‍රහාරයේ සැකකරුවන්ට අධිකරණය දුන් තීන්දුව

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු ජාතික තවුහිද් ජමාත් සංවිධානය සමග සම්බන්ධතාවයක් ඇති බවට අත්අඩංගුවට පත් 64 දෙනා මේ මස 24 වැනිදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

නුවරඑළියේදී ජාතික තවුහීද් ජමාත් මුලස්ථානයේ ආයුධ පුහුණු ලැබුවේයැයි සැකපිට අත්අඩංගුවට පත් කාත්තන්කුඩි පදිංචිකරුවන් මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී.

පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු කරන ලද විමර්ශනය අනුව මොවුන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

අගහරුවාදා මඩකලපුව මහේස්ත්‍රාත් මහාධිකරණ විනිසුරු ඒ සි එම් රිස්වාන් ඉදිරියේ ඉදිරිපත් කිරීමෙන් ලබන 24 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන මෙන් නියෝග කරන ලදී.