FAST NEWS

24×7 Around the Globe

පෑලියගොඩ ඇතුළු ප්‍රදේශ කීපයකට හෙට ජල කප්පාදුවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පෑලියගොඩ, වත්තල හා මහර ඇතුළු ප්‍රදේශ රැසකට හෙට (10) පෙරවරු 08.00 සිට පැය පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇත. 

ඒ අනුව පෑලියගොඩ, වත්තල, ජා – ඇල, කටුනායක, සීදුව නගරසභා බල ප්‍රදේශ, කැළණිය, වත්තල බියගම, මහර, දොම්පේ, ජා – ඇල ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසීය.

විදුලිබල මණ්ඩලයේ සපුගස්කන්ද විදුලි උප පොලෙහි හදිසි අළුත්වැඩියාවක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලැබේ.