FAST NEWS

24×7 Around the Globe

දඹදිව වන්දනා චාරිකා තාවකාලිකව අත්හිටුවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බුද්ධ ශාසන අමාත්‍යාංශය විසින් දඹදිව වන්දනා චාරිකා තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙනතිබේ.

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව එහි ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා පැවසයි.

සෞඛ්‍ය අංශ ඉදිරිපත් කළ ඉල්ලීමක් අනුව මෙම පියවර ගත් බව ඔහු සඳහන් කළේය.