(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද(09) දිනයේ සමගි ජන බල වේගය සන්ධානයේ ලාංඡනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බව එම සන්ධානයේ නායකහිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
අද පෙරවරුවේ ඔහු පෙන්වාදෙන්නේ සමගි ජනබලවේගය සන්ධානයේ ප්‍රධාන කාර්යාලය විවෘත කිරිමට බලාපොරොත්තු වනබවයි.
නිට්ටඹුව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මෙම අදහස් පළ කළේය.
කෙසේවෙතත් කෘත්‍යාධීකාරි මණ්ඩලයේ දි නව සන්ධානයක් බිහිකිරිමට අනුමැතිය හිමි නොවු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිරඅබේවර්ධන මහතා සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ශයේ විශාල පිරිසක් සමගි ජනබලවේගය සමග එක්ව සිටින බව එම සන්ධානයේ මහා ලේකම් රංජිත්මද්දුමබණ්ඩාර මහතා සඳහන් කළේය.








