අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් මර්දනයට සිරියාවට නව නායකත්වයක් අවශ්‍ය බව අමෙරිකා ජනාධිපති බරැක් ඔබාමා පවසයි.
ඔහු සඳහන් කළේ, සිරියාවේ අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් පරාජය කළ හැක්කේ, වත්මන් ජනාධිපති බෂාර් අල් අසාද් ධුරයෙන් ඉවත් වුවහොත් පමණක් බව ය.
සිරියානු ජනාධිපතිවරයාගේ මෙම ඉරණම පිළිබඳව රුසියාව සමග වාද කිරීමෙන් අනතුරුව අමෙරිකා ජනාධිපතිවරයා මේ බව පැවසී ය.
කෙසේ වෙතත් සිරියානු අර්බුදය විසඳීමට එක්ව කටයුතු කිරීමට රුසියානු සහ අමෙරිකානු නායකයින් එකඟ වී තිබේ.
අමෙරිකා ජනාධිපති බරැක් ඔබාමා මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේ, 70 වන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව ලොව නායකයින් 100 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවති ත්‍රස්ත මර්දන සමුළුව අමතමිනි.
කෙසේ වෙතත් රුසියාව එම සමුළුව නියෝජනය කිරීමට රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු පමණක් යවා තිබිණි.







