FAST NEWS

24×7 Around the Globe

ඇමති ප්‍රසන්නගෙන් අනතුරු ඇඟවීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කටුනායක ගුවන් තොටුපළේ නව ගුවන් යානා අංගනයේ ඉදිකිරීම් ඉදිරි මාස 03 ක් තුළ අවසන් නොකළොත් ජපන් රජයට පැමිණිලි කර අසාදු ලේඛන ගත කරන බවට අදාළ ඉදිකිරීම් සමාගමට ඇමති ප්‍රසන්න රණතුංග මහතා අනතුරු අගවා තිබේ.

ඔහු මේ බව පැවසුවේ අදාළ සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබඳ සොයාබැලීමේ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්.

නව ගුවන් යානා අංගනය ඉදිකිරීම කටුනායක ගුවන් තොටුපල සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක එක් වැඩසටහනක් වන අතර ඒ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 6 ක්.