FAST NEWS

24×7 Around the Globe

මහ මැතිවරණයේ ආරක්ෂාවට පොලිස් නිලධාරින් 50,000 ක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එළඹෙන මහ මැතිවරණය සඳහා ඇස්තමේන්තුගත වියදම රුපියල් මිලියන 7000 කට ආසන්න වන බවත් නිලධාරින් ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් රාජකාරි කටයුතු සඳහා යෙදවීමට අපේක්ෂා කරන බවත් මැතිවරණ කොමිසම පවසයි.

මැතිවරණ කටයුතු සඳහා ආරක්ෂාව සඳහා යෙදවීමට බලාපොරොත්තු වන පොලිස් නිලධාරින්ද, ඊට ඇතුළත්.

මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ පොලිස් නිලධාරින් 50,000 කට ආසන්න පිරිසක් මහ මැතිවරණය පැවැත්වෙන දින කිහිපයේ ආරක්ෂාව සඳහා යොදා ගැනීමට බලාපොරොත්තු වන බවයි.

ඡන්ද මධ්‍යස්ථාන 12,000ක් පමණ මෙවර මහ මැතිවරණය වෙනුවෙන් සූදානම් කිරීමට බලාපොරොත්තු වන අතර, අවම වශයෙන් එක් මධ්‍යස්ථානයකට පොලිස් නිලධාරින් දෙදෙනෙකු බැගින් යොමු කිරීමට නියමිතයි

එමෙන්ම, පොලිස් විශේෂ කාර්ය බලකායද ආරක්ෂාව සඳහා යොදා ගැනීමට පියවර ගන්නා අතර, අවශ්‍ය වුවහොත් යුද හමුදාවේ ද සහය ලබා ගැනීමට සූදානමින් පසුවන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.