(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලෝක කාන්තා දිනය අදට (08) යෙදී තිබේ.
කාන්තා අයිතිවාසිකම් සාක්ෂාත් කරගැනීම සඳහා සැමට සමානාත්මතාව යන්න මෙවර ලෝක කාන්තා දිනයේ තේමාවයි.
මිට අමතරව, ජගත් කාන්තා දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේ සමස්තයක් ලෙස ශ්‍රී ලාංකීය කාන්තාව අත්කරගෙන ඇති ජයග්‍රහණ පිළිබඳව සතුටට පත්වන බවයි.









