FAST NEWS

24×7 Around the Globe

බැඳුම්කර ගනුදෙනුවේ 08 වැනි සැකකරු අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ 08 වැනි සැකකරු වන මුත්තුරාජා සුරේන්ද්‍රන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර , ඔහු ලබන 18 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. 

ඒ , කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

2016 වසරේ සිදුවූ ප්‍රශ්නගත බැඳුම්කර වෙන්දේසිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින එවක මුදල් අමාත්‍ය රවී කරුණානායක, පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන ඇතුළු සැකකරුවන් නව දෙනා අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ වරෙන්තු නිකුත් කරනු ලැබීය.