FAST NEWS

24×7 Around the Globe

කැළණිය විශ්වවිද්‍යාලයේ සති අන්ත පාඨමාලා අද සිට සුපුරුදු පරිදි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  කැළණිය විශ්වවිද්‍යාලය මගින් පවත්වනු ලබන සති අන්ත පාඨමාලා අද (07) සිට යළි අරඹන බව එම විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය සඳහන් කරයි. 

ඒ අනුව පශ්චාත් උපාධි පාඨමාලා, ඩිප්ලෝමා පාඨමාලා, සහතික පත්‍ර පාඨමාලා සහ ඊට අදාළ සියලු විභාග අද සිට සුපුරුදු පරිදි පැවැත්වෙන බව එම විශ්වවිද්‍යාලයේ සන්නිවේදන හා මාධ්‍ය ඒකකයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ මහතා සඳහන් කළේය.

සී සී ටී වී කැමරා ගැලවීමේ සිද්ධියෙන් පසු හටගත් තත්ත්වය හමුවේ විශ්ව විද්‍යාලයේ දළුගම පරිශ්‍රයේ අධ්‍යයන සහ අනධ්‍යයන කටයුතු තාවකාලිකව අත්හිටවනු ලැබීය.