FAST NEWS

24×7 Around the Globe

රවී ඇතුළු පිරිසට වරෙන්තු නිකුත් කිරීම පිළිබඳ තීරණය පස්වරුවේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක, පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්, එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන ඇතුලු 12 දෙනාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් වන තීන්දුව අද (06) පස්වරුවේ ලබාදීමට නියමිතයි.

ඊට අදාල නඩුව අද පෙරවරුවේ කැඳවු අතර එහිදී කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ සොලිස්ටර් ජෙනරාල් හරිප්‍රියා ජයසුන්දරට ප්‍රශ්ණාවලියක් ලබාදුන්නේය.

ඒ අනුව, එම ප්‍රශ්ණාවලියට පස්වරු 2.30 ට ලිඛිතව පිලිතුරු සපයන ලෙස කොටුව – මහේස්ත්‍රාත් රංග දිසානායක නීතිපතිවරයාට නියෝග කළේය.

පිළිතුරු අධිකරණයට ඉදිරිපත් කල පසු බැඳුම්කර වංචාවට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක, පර්පෙචුවෙල් ටේ‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්, එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන ඇතුලු 12 දෙනාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් වන තීන්දුව ප්‍රකාශයට පත් කිරිමට නියමිතයි.