FAST NEWS

24×7 Around the Globe

මගීන් සමඟ පැමිණෙන අමුත්තන්ට අද සිට ගුවන් තොටුපළ යළි විවෘතයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ගුවන් මගීන් සමඟ පැමිණෙන අමුත්තන් සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අද (06) සිට යළි විවෘත කිරීමට කටයුතු කර තිබේ. 

ඒ අනුව ගුවන් තොටුපළේ පැමිණීමේ සහ පිටවීමේ පර්යන්ත ඇතුළු ශාලා වෙත ගුවන් මගියෙකුට එක් අමුත්තෙකු කැදවාගෙන පැමිණිය හැකි අතර , ඒ සඳහා රුපියල් 300 ක ප්‍රවේශ පත්‍රයක් මිලදී ගත යුතුව තිබේ.

පසුගිය ජනවාරි මස 28 වනදා සිට ගුවන් මගීන් හැර අනෙකුත් පුද්ගලයන්ට ගුවන් තොටුපළ පරිශ්‍රයට ඇතුළුවීම සීමා කර තිබුණේ නව කොරෝනා වෛරසය පැතිර යාමේ අවදානම හේතුවෙන්.