FAST NEWS

24×7 Around the Globe

දුම්රිය වර්ජනය අත්හිටුවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ දුම්රිය වර්ජනය අත්හිටුවීමට දුම්රිය වෘත්තීය සංගම් තීරණය කර තිබේ.

ඒ අග්‍රාමාත්‍යවරයා මහින්ද රාජපක්ෂ මහතා සමඟ සිදුකළ සාකච්ඡාවකින් පසුවයි.

විමල් වීරවංශ අමාත්‍යවරයා පසුගියදා කල ප්‍රකාශයකට විරෝධය පළකිරීම හේතුවෙන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සැලසුම් කෙරුණේය.