FAST NEWS

24×7 Around the Globe

විෂ දුමක් ආඝ්‍රහණය වී සිසුන් 50 කට අධික පිරිසක් රෝහල් ගතකරයි

(ෆාස්ට් නිව්ස් | වාරියපොල) –  වාරියපොල නගරයේ ප්‍රසිද්ධ පාසලක සිසුන් 50 කට අධික පිරිසක් විෂ දුමක් ආඝ්‍රහණය වීම හේතුවෙන් ඔවුන්ව වාරියපොල දිසා රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි. 

එම ප්‍රදේශයේ කසල බැහැර කරන ස්ථානයක ඇති වූ ගින්නකින් නිකුත් වූ දුමාරය ආඝ්‍රහණය වීමෙන් පසු අදාළ සිසුන් විවිධ ආසාත්මිකතාවන්ට ලක්ව තිබේ.

මෙම සිසුන් පිරිසට ක්ලාන්තය, ඇඟ කැසීම සහ හුස්ම ගැනීමේ අපහසුතා වැනි රෝග ලක්ෂණ පවතින බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.