FAST NEWS

24×7 Around the Globe

මාස 6 ක් සඳහා විදුලිය මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මාස හයකට හදිසි විදුලිය මිලදී ගැනීම් යටතේ අනුමැතිය දුන් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව තවත් මාස හයකින් දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

විෂය භාර අමාත්‍යවරයා ඊට අදාළ යෝජනාවට ඊයේ (04) අත්සන් තැබූ අතර, ඒ සදහා වැය වන මුදල රුපියල් බිලියන 21 ක්.

හදිසි විදුලිය මිලදී ගැනීම් යටතේ විදුලි ඒකකයක් මිලදී ගැනීම සදහා රජය වැය කරන මුදල රුපියල් 64 ක් වන අතර එම ඒකකයක් ජනතාවට ලබා දෙන්නේ රුපියල් 17 කට බව සඳහන්.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සදහන් කළේ පවතින නියගය හේතුවෙන් ජලාශවල ජල මට්ටම් පහත යාම නිසා ජල විදුලි නිෂ්පාදනය 20% ක් තරම් පහත යාම ඊට හේතුව බවයි.