FAST NEWS

24×7 Around the Globe

මැතිවරණ රැස්වීම් අසළ මී වද ඉවත් කිරීමේ යෝජනාවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  මහ මැතිවරණ ප්‍රචාරක රැස්වීම් පැවැත්වීමට නියමිත ස්ථාන අසල ඇති මී වද සහ බඹර කූඩු ඉවත් කිරීමේ යෝජනාවක් ඉදිරිපත් වී තිබේ.

පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා සඳහන් කළේ ප්‍රභූ ආරක්ෂාව සලකා පොලිසිය විසින් වනජීවි දෙපාර්තමේන්තුව වෙත මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බවයි.

පරිසර සංවිධානයක් ලෙස මෙම යෝජනාවට විරෝධය පළකරන බවද ඔහු සඳහන් කරයි.