FAST NEWS

24×7 Around the Globe

තලවිල මංගල්‍යයේ බැතිමතුන් සඳහා විශේෂ දුම්රිය සේවාවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ මාර්තු මංගල්‍යයට පැමිණෙන බැතිමතුන් සඳහා මොරටුව සහ කොළඹ කොටුවේ සිට විශේෂ දුම්රිය 04ක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් කටයුතු යොදා තිබේ.

එම දෙපාර්තමේන්තුව නිවේනය කළේ සාමාන්‍ය දුම්රිය සේවාවන්ට අමතරව බැතිමතුන්ගේ පහසුව සඳහා මෙලෙස කටයුතු කල බවයි.

මෙම විශේෂ දුම්රිය ලබන සෙනසුරාදා සහ සදුදා දිනයන් හී ගමන්වාර ආරම්භ කිරීමට නියමිතයි.

ඒ අනුව පස්වරු 02.10 ට මොරටුව සිට පාලාවි දක්වා එක් ගමන්වාරයක් ලෙස සහ කොළඹ කොටුව සිට පාලාවි දක්වා පෙරවරු 09.35, පස්වරු 01.10, පස්වරු 03.40 වශයෙන් ගමන් වාර තුනක් ලෙස ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.