FAST NEWS

24×7 Around the Globe

ජනාධිපති කොමිසමට පැමිණිලි 1000 ඉක්මවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසම වෙත මේ වන විට පැමිණිලි 1187 ක් ලැබී ඇති බව වාර්තා වෙයි. 

කොමිසම වෙත පැමි‍ණිලි භාර ගැනීමේ කටයුතු හෙට (06) දිනයෙන් අවසන් වීමට නියමිතය.

පැමිණිලි භාර ගැනීමෙන් අනතුරුව ඒවායේ මූලික පරීක්ෂණ කටයුතු ජනා‍ධිපති කොමිසමේ පොලිස් ඒකකය විසින් සිදුකරන අතර අනතුරුව සාක්ෂි විමසීමේ කටයුතු කොමිසමේ සාමාජිකයින් විසින් ආරම්භ කරනු ඇත.