FAST NEWS

24×7 Around the Globe

යළිත් දුම්රිය වර්ජනයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  අද දහවල් 12 න් පසු සේවයෙන් ඉවත්වීමට සිදුවන බව දුම්රිය වෘත්තීය සමිති පවසයි.

දුම්රිය රියදුරන්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා දෙන ලෙස ඉල්ලමින් මෙලෙස දුම්රිය රියදුරන් සේවයෙන් ඉවත් වීමට සැරසේ.

විමල් වීරවංශ අමාත්‍යවරයා කළ ප්‍රකාශයක් හේතුවෙන් මෙලෙස තීරණයක් ගත් බව දුම්රිය රියදුරන් පවසයි.

මත් කුඩු ප්‍රවාහනයට යොදාගන්නා ප්‍රධාන මාර්ගයක් බවට දුම්රිය පත්ව ඇතැයිද දුම්රිය සේවකයන්ද ඊට සම්බන්ධ බවද කොළඹ පැවති වැඩසටහනකදී විමල් වීරවංශ අමාත්‍යවරයා පවසා තිබේ.

මෙම ප්‍රකාශය හමුවේ දුම්රිය රියදුරන්ගේ ආරක්ෂාව පිළිබඳ ගැටලු මතුවී ඇති බවයි දුම්රිය වෘත්තීය සමිති පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් අද දහවල් 12 ට වෘත්තීය සමිති රැස්වී සාකච්ඡා කිරීමට නියමිතය.