FAST NEWS

24×7 Around the Globe

මෙරට නීතිවිරෝධී ලෙස සිටි ඉන්දීය ජාතිකයන් 11 ක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කාත්තන්කුඩි) – මඩකලපුවේ කාත්තන්කුඩි ප්‍රදේශයේ මෙරට නීතිවිරෝධී ලෙස රැඳී සිටි ඉන්දීය ජාතිකයන් 11 දෙනෙකු ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මොවුන් ඊයේ (04) රන් භාණ්ඩ නිෂ්පාදනය කරන ස්ථානයක සේවයේ යෙදී සිටියදී අත්අඩංගුවට ගත් අතර සැකකරුවන් අවුරුදු 23 සහ 40 යන වයස්වල පසුවෙයි.