FAST NEWS

24×7 Around the Globe

කොරෝනා හේතුවෙන් ඉතාලියේ අධ්‍යාපන කටයුතු වලට බාධා

(ෆාස්ට් නිව්ස් |ඉතාලිය) – කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් ඉතාලියේ සියලු පාසල්  අද සිට දින 10ක් වාසා දැමිමට එරට බලධාරීන් පියවර ගෙන තිබේ.

එසේම ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජාතික මට්ටමේ සියලුම ක්‍රිඩා තරඟ ප්‍රේක්ෂකයින් නොමැතිව පැවැත්විමට ද ඉතාලි බලධාරින් පියවර ගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.

කොරෝනා වෛරසය ඉතාලිය තුළ සීඝ්‍රයෙන් පැතිරෙන අතර ඒ හේතුවෙන් පුද්ගල මරණ 107ක් වාර්තා වී ඇත.

එරට ආසාදිතයින් ගණන 3089 ලෙස වාර්තා වේ.