FAST NEWS

24×7 Around the Globe

සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් අද මැතිවරණ කොමිසමට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එළඹෙන මහ මැතිවරණ කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සියලූ දිස්ත්‍රික් ලේකම්වරුන් අද (05) මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබේ.

මෙම සාකච්ඡාව අද පෙරවරු 9.00 ට පැවැත්වෙන අතර එහිදී මැතිවරණ නීතිය පවත්වාගෙන යාම, නාමයෝජනා කැඳවීම ඇතුලූ කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ඡන්ද මධ්‍යස්ථාන සංඛ්‍යාව ඉහල නැංවීම ඇතුලු කරුණු කිහිපයක් පිළිබද මෙහිදී වැඩි අවධානයක් යොමුවනු ඇති බවයි.

ඒ දෙලක්ෂ හැත්තෑ දහසකට අධික නව ඡන්ද දායකයන් පිරිසක් මෙවර ලියාපදිංචි වී සිටීම ඊට හේතුවයි.