FAST NEWS

24×7 Around the Globe

අජිත් ප්‍රසන්නට එරෙහි නඩුවේ විභාගයට දින ලබාදෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්නට එරෙහිව පවරා ඇති නඩුව මැයි මස 27 වනදා සිට දිනපතා විභාග කිරීමට කොළඹ මහාධිකරණය අද (04) නියෝග කළේය.

ඒ අද (04) කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදී.

තරුණයින් 11 දෙනෙකු පැහැර ගැනීමේ සිද්ධියට අදාළව අධිකරණයේ විභාග වන නඩුව සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පවත්වා අධිකරණයට අපහාස කිරීම සැකකරුට එරෙහිව එල්ල වී ඇති චෝදනාවයි.

ඒ අනුව විත්තිකාර අජිත් ප්‍රසන්න මහතා මාසයකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අතර පසුව මහාධිකරණය විසින් ඔහුව ඇප මත මුදාහරිනු ලැබුවේය.