FAST NEWS

24×7 Around the Globe

ජනපති ඝාතනය කිරීමට තැත්කල සැකකරු තවදුරටත් රිමාන්ඩ්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීම සදහා කුමන්ත්‍රණය කිරීම හා ඒ සදහා පුද්ගලයන් පෙළඹවීමට උත්සහ කිරීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවෙකු ලබන 17 වනදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද (04) නියෝග කළේය. 

මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් කේසර සී. ඒ සමරදිවාකර මහතා විසින් මෙම නියෝගය ලබා දුන්නේය.

සැකකරු පසුගිය වසරේ දෙසැම්බර් මස පොලිස් අත්අඩංගුවට පත්වුනේ කටුනායක ජයවර්ධනපුර ප්‍රදේශයේ නවාතැන්පලක රැදී සිටියදීයි.