FAST NEWS

24×7 Around the Globe

සමගි ජන බලවේගයේ ලකුණ පිළිබඳ අවසන් තීරණය අද

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විපකෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් අද (04) පෙරවරුවේ පැවැත්වීමට නියමිත විශේෂ සාකච්ඡාවකින් ඉදිරි මහ මැතිවරණය සඳහා තරඟ වදින ලකුණ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළැඹෙන බව සමගි ජන බලවේගය පවසයි.

මේ අතර සමගි ජන බලවේගය ලෙස ඉදිරි මහ මැතිවරණය සඳහා තරඟ වදින බව එහි මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ඊයේ (03) නිල වශයෙන් මැතිවරණ කොමිසමට දැනුම් දුන්නේ ය.