FAST NEWS

24×7 Around the Globe

අද සිට වැල්ලවත්ත සහ බත්තරමුල්ලට බෝට්ටු ප්‍රවාහණ සේවයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නාගරික සංවර්ධන අධිකාරියේ මෙහෙයවීමේ යටතේ වැල්ලවත්තේ සිට බත්තරමුල්ල දක්වා බෝට්ටු ප්‍රවාහණ සේවය අද (04) ආරම්භ කෙරේ.

ඒ කොළඹ නගරයේ වාහන තදබදයට විසදුමක් ලෙසයි.

එම අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් එම්.ආර්.ඩබ්ලිව් සොයිසා මහතා සඳහන් කළේ නව ගමනාගමන සැලසුම් ඔස්සේ කොළඹ නගරයේ රථවාහන අවම කිරීමට සැලසුම් කෙරෙන බවයි.