FAST NEWS

24×7 Around the Globe

මිද්දෙණියේ වෙඩි තැබීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මිද්දෙණිය දඹේතලාව ප්‍රදේශයේදී අවමංගල්‍ය උත්සවයකට සහභාගී වී නැවත යමින් සිටි පුද්ගලයෙකුට තවත් අයෙක් වෙඩි තබා පලාගොස් ඇති බව පොලිසිය පවසයි.

අද දහවල් මෙම වෙඩි තැබීම සිදුව ඇත.

තුවාලකරු තලාව රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇඹිලිපිටිය රෝහලට ඇතුලත් කිරිමේදී මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස 36 වූ කාරියමඩිත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර මිද්දෙනිය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.