FAST NEWS

24×7 Around the Globe

නෞකාවලින් මගීන් මෙරටට බැස්ස වීම අද සිට තහනම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මගී ප්‍රවාහන නෞකා මඟින් පැමිණෙන පිරිස් ශ්‍රී ලංකාවට ඇතුල් වීම අද (03) සිට ක්‍රියාත්මක වන පරිදි තහනම් කර තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ විසින් අද පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු පවසා සිටියේ අද දිනයේ ද සුඛෝපභෝගී නෞකාවක් ලංකාවට පැමිණිමට තිබූ බවයි.

නිරෝධායන සහ රෝග වැළැක්වීමේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට පැවරී ඇති බලතල අනුව අද දින සිට මගී නෞකාවලින් මගීන් ගොඩබීමට බැස්සවීම තහනම් කර ඇති බවත් වෛද්‍යවරයා මෙහිදී පැවසීය.