FAST NEWS

24×7 Around the Globe

රිය අනතුරකින් දරුවෙකු ජිවිතක්ෂයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – යාපනය – චුන්නාක්කම් ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක් ඉදිරිපිට සිදුවූ රිය අනතුරකින් සිව් හැවිරිදි දරුවෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය සඳහන් කරන ආකාරයට අතුරු මාර්ගයක සිට එම නිවාස සංකීර්ණය දෙසට ධාවනය වූ වෑන් රථයකට මාර්ගය හරහා ගමන් කරමින් සිටි මෙම සිව් හැවිරිදි දරුවා ගැටීමෙන් ඊයේ (02) මෙම රිය අනතුර සිදුව ඇත.

සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ දරුවා තෙලිප්පලේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය මහරෝහලට මාරු තිබේ.

එහිදී, මෙම දරුවා ජිවිතක්ෂයට පත්වූ බවයි පොලීසිය කියා සිටියේය.