FAST NEWS

24×7 Around the Globe

කොරෝනා වෛරසය ආසාදනය වූ පළමු ලාංකිකයා හඳුනා ගනී

(ෆාස්ට් නිව්ස් | ඉතාලිය ) – කොරෝනා වෛරසය ආසාදිත පළමු ශ්‍රී ලාංකිකයා ඉතාලියෙන් වාර්තා වෙයි.

විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ 46 හැවිරිදි කාන්තාවකට මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි.

මෙම කාන්තාව රැක බලා ගත් ඉතාලි ජාතික කාන්තාවකට මුලින් වෛරසය ආසාදනය වී ඇති අතර ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්තේ ඉන් පසුව බව අනාවරණය වී තිබේ.

ඇය මේ වන විට ඉතාලියේ බ්‍රේෂියා(Brascia) ප්‍රදේශයේ පිහිටි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතර ඇයගේ තත්ත්වය බරපතළ නොවන බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.