FAST NEWS

24×7 Around the Globe

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මේ මස අවසානයේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  2019 වසරේ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස අවසානයේදී නිකුත් කිරීමට කටයුතු කරන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. 

විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත සඳහන් කළේ මෙවර සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කිරීමේදී ද දිස්ත්‍රික් කුසලතා ස්ථාන මෙන්ම සමස්ත දිවයිනේ කුසලතා ස්ථාන ප්‍රකාශයට පත් කිරීමක් සිදුනොවන බවයි.

පසුගිය වසරේ පැවති සාමාන්‍ය පෙළ විභාගය මධ්‍යස්ථාන 4,987කදී පැවැත්වූ අතර ඊට අයදුම්කරුවන් හත්ලක්ෂ 17,008 ක් පෙනී සිටියහ.