(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු නයිජීරියාවේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර දෙකක් ළඟ තබාගෙන සිටියදීය.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ නයිජීරියාවේ අබූජාහි පිහිටි නැම්ඩ් අසිකියු ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දී මෙම ශ්‍රී ලාංකිකයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි.
මොවුන් ව්‍යාජ මලයාසියානු ගුවන් ගමන් බලපත්‍ර දෙකක් යොදාගනිමින් ලන්ඩන් හීතෲ ගුවන්තොටුපල වෙත පිටත්ව යාමට සූදානම්ව සිටියදී නයිජීරියානු ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මේ වසර තුළ නයීජිරියාවේ දී ව්‍යාජ ගුවන් බලපත්‍ර ලඟ තබාගැනීමේ වරදට ශ්‍රී ලාංකිකයින් අත්අඩංගුවට ගත් දෙවන අවස්ථාව මෙයයි.








