FAST NEWS

24×7 Around the Globe

පක්ෂ හා සංවිධාන රැසකගේ සහය සජිත්ට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ප්‍රධාන දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන 12 ක් මේ වනවිට කොළඹ නෙලුම් පොකුණ රගහලේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් බිහිකෙරුණු සමගි ජන බලවේගයේ සමාරම්භක උත්සවයේදී අවබෝධතා ගිවිසුමකට අත්සන් තබනු ලැබුවේය.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුව , පළාත් සභා සහ පළාත් පාලන ආයතනවලට තේරී පත්වූ සභිකයන් රැසක් එම උත්සවයට එක්ව සිටීම විශේෂත්වයකි.

එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්ෂ වන ජාතික හෙළ උරුමය , ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය , ද්‍රවිඩ ප්‍රගතිශීලී සන්ධානය සහ සමස්ත ලංකා මහජන කොංග්‍රසය මෙලෙස සජිත් සමඟ එක් වී ඇත.