FAST NEWS

24×7 Around the Globe

උසස් පෙළ අයදුම්පත් භාරගැනීමේ කාලය දීර්ඝ වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අදින් (02) අවසන් වීමට නියමිතව තිබූ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ අයදුම්පත්‍ර භාරගැනීමේ කාලය ලබන 09 වන දින දක්වා දීර්ඝ කර තිබේ.

උසස් පෙළ විභාග අයදුම්පත් පිරවිම විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය ඔස්සේ සිදුකළ හැකිය.

විභාග දෙපාර්තමේන්තුව සදහන් කළේ යම් අයදුම්කරුවෙකු හට ගැටලුවක් වෙතොත් විභාග දෙපාර්තමේන්තුවේ 011 2 784 208, 011 2 784 537 යන දුරකථන අංකවලට හෝ 011 2 784 422 යන ෆැක්ස් අංකයට ගැටළු පිළිබඳ දැනුම්දිය හැකි බවයි