FAST NEWS

24×7 Around the Globe

මහපොළ ශිෂ්‍යත්ව මුදල වැඩි කිරීමට කැබිනට් අනුමැතිය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විශ්වවිද්‍යාල ප්‍රවේශ හිමිකම් ලබන සිසුන්ට ලබාදෙන මහපොළ ශිෂ්‍යත්ව මුදල වැඩි කිරීමට හා ශිෂ්‍යත්ව අවස්ථා පුළුල් කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැති දී තිබේ.

ඒ කැබිනට් ප‍්‍රකාශක තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ, උසස් අධ්‍යාපන, තාක්‍ෂණ හා නවෝත්පාදන අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඉදිරිපත් කල යෝජනාවකට අනුවයි.