FAST NEWS

24×7 Around the Globe

මාධ්‍ය ආයතන වලට මහින්ද දේශප්‍රියගෙන් ඉල්ලීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එළඹෙන මහා මැතිවරණයේදී සිය  සිදුකිරීම සඳහා දේශපාලන පක්ෂ අපෙක්ෂකයින්ට සහනයක් ලබාදෙන ලෙස මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මාධ්‍ය ආයතනවලින් ඉල්ලීමක් කර තිබේ.

ඔහු මේ බව පැවසුවේ රත්නපුරයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ඒ අනුව විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවලින් ඔවුන්ගේ පාරිභෝගිකයන් වන දේශපාලන පක්ෂ හා අපේක්ෂකයින්ගෙන් වෙනත් දැන්වීම්වලදී ගන්නා මුදල වැඩි නොකරන ලෙසත් හැකි නම් ඔවුන්ගේ ප්‍රචාරණ කටයුතුවලට සහනයක් ලබා දීමට කටයුතු කරන ලෙසත් මහින්ද දේශප්‍රිය මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.