FAST NEWS

24×7 Around the Globe

ලොකු ළූණු වලට අවම සහතික මිලක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රජය විසින් ලොකු ළූණූ සඳහා දැනට පවතින මිල වෙනුවට රුපියල් 80 ක අවම සහතික මිලක් ලබා දීමට තීරණය කර තිබේ.

දැනට පවතින රුපියල් 60ක් වු අවම සහතික මිල ඒ අනුව රුපියල් 20කින් ඉහළ දමා ඇති බව අද(28) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටියේය.

ලොකු ළූණු ගොවීන්ගේ ආදායම ඒ තුළින් ඉහළ දැමීමට රජය බලාපොරොත්තු වෙයි.

ගොවීන්ට තම අස්වැන්න සඳහා සාධාරණ මිලක් ලබා දෙමින් වගාව සඳහා ඔවුන් දිරිමත් කිරීම සඳහා මෙම තීරණය ක්‍රියාවට නැංවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

අගමැතිවරයා විසින් මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය මඟින් විශේෂ වැඩසටහනක් ලෙස මෙය දියත් කිරීමට මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.