FAST NEWS

24×7 Around the Globe

විදුලි බල මණ්ඩලය පාඩු ලබන්නට හේතුව හඳුන්නෙත්ති පවසයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හදිසි විදුලි මිළඳී ගැනීම්වලට යොමුවීම හේතුවෙන් විදුලි බලමණ්ඩලය පාඩු ලබන තත්ත්වයට පත් වී ඇති බව කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති පවසයි.

පසුගිය ආණ්ඩු කාලයේ හදිසි මිලදී ගැනීම්වලට විරුද්ධ වු වත්මන් අමාත්‍යවරයාද එම ක්‍රියාවලියට එළඹීම කණගාටුදායක බව ඔහු පෙන්වා දෙයි.

ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ මාතර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී යි.