FAST NEWS

24×7 Around the Globe

රැකියා විරහිත උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ පත්වීම් ලිපි තැපෑලට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  රැකියා විරහිත උපාධිධාරීන් රාජ්‍ය සේවයේ පුහුණුව සඳහා බඳවා ගැනීමට අදාළ පත්වීම් ලිපි අද (28) තැපෑලට යොමු කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය ප්‍රකාශ කර සිටී. 

උපාධිධාරීන් 50,000 ක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට සැලසුම් කර තිබුණත් අයදුම්පත් යොමු කර ඇත්තේ 40,000 ක් පමණක් බව එම අමාත්‍යංශයේ ලේකම් සිරිපාල හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

රාජ්‍ය සේවයේ පුහුණුව සඳහා බඳවා ගන්නා උපාධිධාරීන්ගෙන් 80 % ක්ම පාසල් සඳහා අනියුක්ත කරන බව ද ඒ මහතා අවධාරණය කළේය.

ජනාධිපති කාර්යාලය හරහා මේ කටයුතු සම්බන්ධීකරණය කරන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.