ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (30 වැනිදා) නිව්යෝර්ක් වේලාවෙන් පෙරවරු 9.45 ට
(ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.30 ත් 8.30 ත් අතර) එක්‌සත් ජාතීන්ගේ මහා මණ්‌ඩල සැසිවාරයේ ප්‍රධාන සැසිය ඇමතීමට නියමිතය.
ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර ජගත් සංවිධාන මූලස්‌ථානයේදී එක්‌සත් ජාතීන්ගේ මහා මණ්‌ඩලයේ 70 වැනි සැසිවාරයේ ප්‍රධාන සැසිය ඊයේ (29 වැනිදා) මහත් අභිමානවත් අයුරින් ආරම්භ විය.
මෙම සම්මන්ත්‍රණය 70 වන වසර සපුරන එක්‌සත් ජාතීන්ගේ සාමය ආරක්‍ෂාව සහ මානව හිමිකම් පිළිබඳ ඉදිරි මඟ යන තේමාව යටතේ පැවැත්වෙන අතර මෙම ප්‍රධාන සැසියට ඇමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා ඇතුළු ලෝක රාජ්‍ය නායකයන් සමඟ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද එක්‌ව සිටී.
එක්‌සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් මහතා විසින් රාජ්‍ය නායකයන් සඳහා සම්ප්‍රදායානුකූලව පිළිගන්වනු ලබන දිවා භෝජන සංග්‍රහය ද පෙරේදා (28 වැනිදා) පැවැති අතර එක්‌සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින්, ඇමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, පෝලන්ත අග්‍රාමාත්‍යවරයා ඇතුළු ලෝකයේ ප්‍රධානම රාජ්‍ය නායකයන් සමඟ එකම මේසයක අසුන්ගෙන භෝජන සංග්‍රහයට එක්‌වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අවස්‌ථාව ලැබිණි.







