FAST NEWS

24×7 Around the Globe

සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාවේ දෙදෙනාගේ කටහඩ සාම්පල සංසන්දනය වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වූ දෙදෙනාගේ කටහඩ සාම්පල සංසන්දනය වන බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.

රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් නඩුව අද (27) කැඳවූ අවස්ථාවේදී එය අධිකරණයට දැනුම් දී ඇත.

මංකොල්ලයකට අදාළව මෙම පුද්ගලයන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරයේ පසුවන බැවින් අද අධිකරණයට ඉදිරිපත් නොතිබුනේය.