FAST NEWS

24×7 Around the Globe

මැතිවරණ කොමිසම ඡන්ද මධ්‍යස්ථාන සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් සහකාර සහ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන්ට සිය බල ප්‍රදේශවල පවතින ඡන්ද මධ්‍යස්ථාන සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන්නැයි දැනුම් දී තිබේ.

එළෙඹෙන මහ මැතිවරණයට අදාළ දත්ත එක්රැස්කිරීමේ මූලික අධියරක් ලෙස එම පියවර ගත් බව එම කොමිසම සඳහන් කළේය.