FAST NEWS

24×7 Around the Globe

කරන්නාගොඩට එරෙහි නඩුවේ ලිපිගොනු ජනපති කොමිසමට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (27) දේශපාලන පළිගැනීම් පි‍ළිබඳ සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට එරෙහි නඩුවට අදාල ලිපිගොනු ඉදිරිපත් කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ නිල‍ධාරීන් පෙනී සිටීමට නියමිතව ඇත.

පසුගියදා තමන්ට එරෙහිව පලිගැනීමේ චේතනාවෙන් යුතුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් කොළඹ ත්‍රිපුද්ගල මහා‍ධිකරණයේ නඩු පවරා ඇති බවට හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ජනා‍ධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් කියා සිටියේය.

ඒ අනුව ජනාධිපති කොමිසම විසින් අදාල නඩුව සම්බන්ධයෙන් වන නීතිපති දෙපාර්තමේන්තුව සතු ලිපිගොනු ඉදිරිපත් කරන ලෙස එම දෙපාර්තමේන්තුව වෙත දැනුම් දුන්නේය.