FAST NEWS

24×7 Around the Globe

ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය ශ්‍රී ලංකාව පිළිබඳව කරුණු දැක්වීම අද

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (27) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැචලට් ශ්‍රී ලංකාව පිළිබඳ වාචික කරුණු දැක්වීමක් සිදු කිරිමට නියමිතව ඇත.

ස්විට්සර්ලන්තයේ ජිනීවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43වන සැසිවාරයේදී මහ කොමසාරිස්වරිය මෙම කරුණු දැක්වීම සිදු කිරිමට නියමිතයි.

විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මානව හිමිකම් මහ කොමසාරිස්වරියගේ කරුණු දැක්වීමෙන් අනතුරුව ඊට ප්‍රතිචාර දැක්වීමට ද නියමිත බවට වාර්තා වේ.

මානව හිමිකම් කවුන්සිලයේ 43 වන සැසිවාරයට සහභාගී වූ දිනේෂ් ගුණවර්ධන ශ්‍රී ලංකාව සම අනුග්‍රහකත්වය දැක්වූ යෝජනාවලින් ඉවත් වන බව ඊයේ නිල වශයෙන් දැනුම් දෙනු ලැබුවේය.

30/1 සහ 40/1 යෝජනාවලට ශ්‍රී ලංකාව සම අනුග්‍රහකත්වය දැක්වීම ව්‍යවස්ථාවට පටහැනි බව එහිදී විදේශ සබඳතා අමාත්‍යවරයා සඳහන් කළේය.

කැබිනට් මණ්ඩලයේ හෝ පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව අදාල යෝජනා සදහා සම අනුග්‍රහය දැක්වීම තුළින් පසුගිය රජය ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම උල්ලංඝණය කර ඇති බව අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය.

මේ අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැච්ලට් සහ දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් හෙට දිනයේ පැවැත්විමට නියමිතව ඇත.