(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30/1 සහ 40/1යෝජනාවල සම අනුග්‍රාහකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවත් වන බව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට නිල වශයෙන් දැනුම් දෙයි.
අමාත්‍යවරයා අද පස්වරුවේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 වන සැසිවාරය අමතමින් මේ බව ප්‍රකාශ කළේය.
විනාඩි 20 ක පමණ කාලයක් මානව හිමිකම් කවුන්සිලය ඇමතූ අමාත්‍යවරයා පවසා ඇත්තේ ශ්‍රී ලංකාව මෙම යෝජනා සඳහා සම අනුග්‍රාහකත්වය දැක්වීම ව්‍යවස්ථාවට පටහැනි බවයි.
මෙරට සංහිදියාවේ වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ වන ජිනීවා යෝජනාවේ සම අනුග්‍රාහකත්වයෙන් ඉල්ලා අස්වීමට ගත් තීරණයෙන් අනතුරුව රජය සිදුකරන වැඩපිළිවෙල පිළිබඳව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කවුන්සිලයහමුවේ දැනුම් දී ඇත.









