FAST NEWS

24×7 Around the Globe

රන්ජන් රාමනායකට ඇප [UPDATE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අධිකරණ විනිසුරුවරුන් සමඟ දුරකථන සංවාදවල නිරත වීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ඇප මත මුදා හරින ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අද (26) නියෝග කළේය.

—————————————————————————————————————————–

රන්ජන්ගේ කටහඬ, හඬපට සමඟ ගැලපෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ කටහඬ, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති හඬ පට සාම්පල් සමග සැසදෙන බව රස පරීක්ෂක දෙපාර්තමේන්තුව දැනුම් දී ඇතැයි නුගේගොඩ මහේස්ත්‍රාත් මොහොමඩ් මිහායිල් අද (26) විවෘත අධිකරණයේදී දැනුම් දී තිබේ.

පසුගියදා මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගය පරිදි පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ හඩපට ඇතුළත් සී.ඩී. පට 3ක් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමුකර තිබුණි.