FAST NEWS

24×7 Around the Globe

තැපැල් ඡන්ද හිමියන් වෙත මැතිවරණ කොමිසම විශේෂ දැනුම්දීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එළඹෙන මහමැතිවරණයට අදාලව තැපැල් ඡන්ද හිමියන් වෙත මැතිවරණ කොමිසම විශේෂ දැනුම්දීමක් කර තිබේ.

මැතිවරණ කොමිසම ඉල්ලා සිටින්නේ මහමැතිවරණයට දින ප්‍රකාශ කිරීමෙන් පසු තැපැල් ඡන්ද දායකයන්ට සිය අයදුම්පත් යොමුකිරීම ප්‍රමාදයකින් තොරව ඉටුකරගැනීම සඳහා පසුගිය වර්ෂයේ ඡන්ද හිමි නාමලේඛණයේ සඳහන් තොරතුරු සූදානම් කර තබාගන්නා බවයි.

ඒ අනුව ඡන්ද හිමි නාමලේඛණයට අදාල වර්ෂය , පරිපාලන දිස්ත්‍රීක්කය, ඡන්ද ප්‍රදේශයේ අක්ෂරය සහ නම, වීදියේ හෝ ගමේ නම, ඡන්ද හිමියාගේ සම්පූර්ණ නම, නමට අයත් අනුක්‍රමික අංකය, ඡන්ද කොට්ඨාශයේ අංකය, ග්‍රාම නිළධාරි කොට්ඨාශය, ජාතික හැඳුනුම්පත් අංකය යන තොරතුරු කල්වේලා ඇතිව සූදානම් කර තබා ගන්නා ලෙස මැතිවරණ කොමිසම තැපැල් ඡන්ද හිමියන්ගෙන් ඉල්ලා සිටියි.