FAST NEWS

24×7 Around the Globe

අඛණ්ඩ සැපයුමට විදුලිය කඩිනමින් මිලදී ගන්න සුදානම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  පවතින වියළි කාලගුණ තත්ත්වය නිසා විසන්ධි කිරීමකින් තොරව අඛණ්ඩව විදුලිය ලබාදීමට රජය සුදානම් වේ.

මේ සඳහා මෙගාවොට් 128ක විදුලි ප්‍රමාණයක් පෞද්ගලික අංශයෙන් කඩිනමින් මිලදී ගැනීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඒ වෙනුවෙන් විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර කැබිනට් පත්‍රිකාවක් ද ඉදිරිපත් කර තිබේ.

අනුමැතිය හිමි වූ අතර ඒ සම්බන්ධයෙන් පෙරේදා විදුලිබල මණ්ඩලය දැනුවත් කර ඇති බව විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන සදහන් කළේය.